Back to Top

කැළණි ගඟේ ගිලී තරුණියක් මරුට

කැළණි ගඟේ ගිලී තරුණියක් මරුට

April 17, 2018  03:26 pm

Bookmark and Share
කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණියක්  දියේ ගිලී ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

මහනුවර ප්‍රදේශයේ සිට සංචාරයක් සඳහා පවුලේ සමාජිකයන් සමඟ පැමිණ මෙම තරුණිය ගිනිගත්හේන යටිබේරිය ප්‍රදේශයෙන් කැළණි ගඟේ අද(17) පස්වරු 1.30 පමණ දිය නාමින් සිටියදි සැඩ පහරකට හසු වී තරුණිය ගඟේ ගසා ගෙන ගොස් ඇති බව ගිනිගත්හේන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

පවුලේ සමාජිකයන් හා ප්‍රදේශවාසින් එක්ව සැඩ පහරට හසු වී ගසා ගෙන ගිය තරුණිය  සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව එම තරුණයගේ සිරුර දිය නෑම සිදු කළ ස්ථානයට මදක් දුරින් කැළණි ගඟේ තිබියදී සොයා ගෙන ඇති අතර එම සිරුර කිතුල්ගල, තැලිගම රෝහල වෙත යොමු කර ඇත.

ජිවිතක්ෂයට පත් තරුණිය දියනෑම සිදු කළ ස්ථානය දිය නෑම අවධානම් බව සඳහන් කරමින් දැන්විම් පුවරු පවා සවි කර ඇති බව ගිනිගත්හේන  පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතා පැවසීය.

අනතුර පිළිබඳව ගිනිගත්හේන පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.