අයහපත් කාලගුණික තත්ත්වය නිසා මාළු මිළ ඉහළ ගිහින්

අයහපත් කාලගුණික තත්ත්වය නිසා මාළු මිළ ඉහළ ගිහින්

March 14, 2018   09:54 pm


උතුරේ ධීවරයින් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුදු යාමෙන් වැළකී සිට ගත වී ඇත්තේ දින තුනක් පමණක් වුවත් යාපනය ඇතුළු උතුරු පළාතේ මාළු මිල ගණන් ජනතාවට දැරිය නොහැකි අන්දමට ඉහළ ගොස් ඇතැයි ජනතාව කියා සිටිති.

අයහපත් කාලගුණික තත්ත්වයට පෙර උතුරේ වෙළෙඳපොලේ  හුරුල්ලන් කිලෝවක් රුපියල් 200 කට අලෙවි වූ බව කියන පාරිභෝගිකයෝ 14 දා උදෑසන හුරුල්ලන් කිලෝවක මිල රුපියල් 500 ක් දක්වා ඉහළ ගොස් තිබූ බව පවසයි.

සෙසු මාළුවර්ග වල මිල ගණන්ද ජනතාවට දැරිය නොහැකි අන්දමට ඉහළ ගොස් ඇත්තේ මාළු හිඟයක් නිසාම නොව මාළු වෙළෙන්ඳන් මාළු හිඟවනු ඇතැයි යන අපේක්ෂාව මත මාළු තොග සැගවීම නිසා යැයි උතුරේ වැසියෝ කියා සිටිති.

මේ තත්ත්වයට විකල්පයක් වශයෙන් ධීවර සංස්ථාව මැදිහත් වී සහන මිලට උතුරේ වැසියන්ට මාළු අලෙවි කරණ ක්‍රමයක් වහාම සකස් කොට දෙන මෙන් උතුරේ වැසියෝ බලධාරීන්ගෙන් ඉල්ල සිටිති.