Back to Top

කැනඩාවේ සිට මළ ගෙදරකට යන්න ආපු දෙමළ ජාතිකයෙක් ලංකාවේ දී සියදිවි නසා ගනියි

කැනඩාවේ සිට මළ ගෙදරකට යන්න ආපු දෙමළ ජාතිකයෙක් ලංකාවේ දී සියදිවි නසා ගනියි

March 13, 2018  07:27 pm

Bookmark and Share

කැනේඩියානු පුරවැසිභාවය සහිත දෙමළ වැසියෙකු වවුනියාවේ කෝවිල්කුලම ප්‍රදේශයේ නිවසක බාල්කයක එල්ලී මියගොස්  සිටියදී වවුනියාව පොලීසිය විසින් ඔහුගේ මළ සිරුර අද(13)  සොයාගෙන තිබේ.

මියගිය අය කේ.සත්යසීලන් නැමති වයස අවුරුදු  83 ක පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ.

කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට ඔහු පැමිණ වවුනියාවේ නවාතැන් ගෙන ඇත්තේ ඔහුගේ පුතකුගේ නිවසේය.

මියගිය අය ඔහුගේ බිරිද සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඥාතියෙකුගේ මළ ගෙදරකට සහභාගි වීම පිණිස වන අතර ඔවුන් ලබන 15 වෙනිදා ආපසු කැනඩාවට යාමට නියමිතව තිබුණි.

ඔහු මියයාමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

MOST VIEWED VIDEO STORIES