හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීමට සුව ඇමැතිගෙන් උපදෙස්

හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීමට සුව ඇමැතිගෙන් උපදෙස්

February 14, 2018   09:20 pm


හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීම සඳහා පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් එකඟත්වය පළ කර ඇති බැවින් එය වහාම ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ඒ හෙඳ සේවාව මුහුණ දී ඇති ගැටළු කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දීය.

මෙම ගැටළු පිළිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනුම් දුන්නේය. 

මෙහිදී අනතුරු දීමනා ලබාදීම, අනතුරු දීමනා ගෙවිම විධිමත් කිරීම, දෙවන ශ්‍රේණියේ උසස්වීම් වසර 05 න් ලබාදීම ඇතුළු කරුණු 17 ක් සාකච්ඡා කරන ලදී.

එම කරුණු වලට සෞඛ්‍ය අමාත්‍යවරයා සාර්ථක විසඳුම් ලබාදුන්නේය.

රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ ඉල්ලීමක් මත පැවැති මෙම සාකච්ඡාවට එහි සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂවරු නිලධාරීන් එක්ව සිටියහ.