Back to Top

තැබෑරුම් චක්‍රලේඛය හෙට සිට අහෝසියි

තැබෑරුම් චක්‍රලේඛය හෙට සිට අහෝසියි

January 14, 2018  05:21 pm

Bookmark and Share


මත්පැන් විකිණීම හා සම්බන්ධව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛ ඉවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ හෙට (15) දිනයේ සිට අදාල චක්‍රලේඛ ඉවත් කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරිමට පනවා තිබූ තහනම පසුගියදා මුදල් අමාත්‍යංශය විසින් ඉවත් කෙරුණු අතර මත්පැන් අලෙවිසැල් විවෘතව තබන වේලාවද සංශෝධනය කරනු ලැබීය.

අදාල සංශෝධනයන් පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි අතර ඒවා  ඉවත් කිරීමට කටයුතු කරන බව අගලවත්ත ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.