Back to Top

සයුරෙන් එතෙර

හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි

හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි

January 14, 2018  03:00 pm

Bookmark and Share
Ad


ඉන්දියාවේ මුම්බායි මුහුදු තීරයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබේ.

එරට ඉන්ධන සහ ස්වභාවික වායු සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් රැගත් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ නිලධාරීන් 05 දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු යානයේ සිට ඇති අතර ඉන් 06 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ.

අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා ඉන්දීය නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් සිදු කරන බවෙ විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.