Back to Top

විදුලි සැර වැදීමෙන් තවත් අතෙක් මරුට

විදුලි සැර වැදීමෙන් තවත් අතෙක් මරුට

January 14, 2018  01:17 pm

Bookmark and Share
Ad


විදුලි සැර වැදීමක් හේතුවෙන් මිය ගිය බවට සැකකන වන ඇතෙකුගේ සිරුරක් පුත්තලම - කල්අඩිය ප්‍රදේශයේ ගෙවත්තක තිබී හමුවී ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

 අද (14)  අළුයම මිය ගොස් සිටි ඇතාගේ සිරුර ගම්වාසීන් විසින් දැක ඒ බව පොලීසියට දැණුම් දීමට කටයුතු කර තිබුණි.

ඇත් සිරුර හමුවූ ඉඩමේ හිමිකරු වන එච්.ඒ.ශාන්ත පෙරේරා මහතා කියා සිටියේ වන අලින්ගෙන් ආරක්ෂා කිරීම සඳහා තම ගෙවත්ත වටා විදුලිය රැහැන් ඇද තිබුනත් මේ වන විට ඒවා ආක්‍රීය කර පවතින බවය.

ඇතා මිය යාමට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

දින 14 ක කාලයක් තුළ සෙල්ලන්කන්දල් රක්ෂිතය ආශ්‍රිතව මිය ගොස් සිටියදී හමුවූ දෙවැනි ඇත් සිරුර මෙය වන අතර කරුවලගස්වැව ප්‍රදේශයේදී ද වෙඩි තබා ඝාතනය කරන ලද ඇතෙකුගේ සිරුරක් පසුගිය දිනක හමුවී තිබුණි.

පසුගිය වසර 05 ක කාලය තුළ පුත්තලම - කල්අඩිය ප්‍රදේශය තුළ වන අලින් 20 දෙනෙකු පමණ විවිධ හේතු නිසා මිය ගොස් තිබුණි.

එම කාලය තුළ වන අලින් පහර දීම 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර 20 දෙනෙකු පමණ වන අලි ප්‍රහාරයන්ට ලක්ව ඇති අතර ඉන් 12 දෙනෙකුම පූර්ණ ආබාධිතයින් බවට පත්ව ඇත.