අයාලේ යන ගවයින් නිසා උතුරේ මාර්ග අනතුරු ඉහළට

අයාලේ යන ගවයින් නිසා උතුරේ මාර්ග අනතුරු ඉහළට

January 14, 2018   11:57 am



උතුරු ප්‍රදේශය තුල අයාලේ යන ගවයින් නිසා සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාව ඉහළ යන බව පොලීසිය පවසයි.

වව්නියාවේ මාර්ගවල අයාලේ ගිය ගවයින් දෙදෙනෙකු අද (14) දින රිය අනතුරු වලින් මියගොස් සිටි අතර එම අනතුරු වලින් වාහන වලටද හානි සිදුව තිබේ.

මේ දිනවල උතුරේ මාර්ග අධික මීදුමෙන් වැසී තිබීම නිසා රියදුරන්ට මාර්ග හරිහැටි නොපෙනීම නිසා ගවයින් වාහනවලට හසුවිම ඉතා බහුල සිද්ධියක් වී තිබේ.

පසුගිය දිනක අළුයම් කාලයේදී යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයෙකු ගවයෙකුගේ ගැටිම නිසා යතුරුපැදිකරු මියගොස් තිබිණි.

අයාලේ යන ගවයින් නිසි ලෙස ගාල් කරන මෙන් උතුරේ ප්‍රදේශීය සභාව විසින් ගවයින්ගේ අයිතිකරුවන්ට දැනුම් දී ඇතත් එය මෙතෙක් සිදුව නොමැති බව වාර්තා වේ.