Back to Top

කුඩා දරුවාගේ  තෛපොංගල් ප්‍රීතිය රෝහලෙන් නතරවෙයි

කුඩා දරුවාගේ තෛපොංගල් ප්‍රීතිය රෝහලෙන් නතරවෙයි

January 14, 2018  10:13 am

Bookmark and Share


තෛපොංගල් ප්‍රීතිය නිමිත්තෙන් රතිඤ්ඤා දල්වමින් සිටි මන්නාරමේ  ගම්මානයක වයස අවුරුදු 11 ක දරුවෙකු තුවාල ලබා අද 14 දින  අළුයම මන්නාරම රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම දරුවා රතිඤ්ඤා වැලක් දල්වා එය පත්තු නොවීම නිසා ඒ අසලට ගොස් විපරම් කරද්දී රතිඤ්ඤා වැල හදිසියේම පත්තුවීම නිසා මෙම අනතුර සිදුව තිබේ.

ඔහු සමග රතිඤ්ඤා දැල්වූ තවත් ළමයින් දෙදෙනෙකුද මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇතත් ඔවුන් දෙදෙනා ප්‍රතිකාර ලැබීමට තරම් දරුණු තුවාල ලබා නැතැයි එම ගම්මානයේ වැසියෝ ප්‍රකාශ කළහ.

සිද්ධියෙන් එම දරුවාගේ මුහුණ පිළිස්සී ඇස් දෙකටද තුවාල සිදුවී ඇති බව මන්නාරම රෝහලේ කාර්ය බාර වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.