පානදුර මුහුදු තීරයේ දිය නාමින් සිටි සිසුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
සිසුන් තිදෙනෙකු දිය නාමින් සිටියදී ඉන් දෙදෙනෙකු රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බව පොලිසිය ප්රකාශ කළේය.
ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු නාවික හමුදාව විසින් බේරාගෙන ඇති අතර ඔහු මේ වන විට පානදුර රෝහලේ ප්රතිකාර ලබන බව සඳහන්ය.
අතුරුදන් වී ඇත්තේ පානදුර, දිබ්බැද්ද ප්රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවෙකි.
පොලිසිය, නාවික හමුදාව සහ ප්රදේශවාසීන් එක්ව එම සිසුවා සොයා තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදු කරන බව පොලිසිය සදහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.