Back to Top

වෙඩි තැබීම් දෙකකින් අයෙක් මරුට තවත් අයෙක් තුවාල ලබයි

වෙඩි තැබීම් දෙකකින් අයෙක් මරුට තවත් අයෙක් තුවාල ලබයි

January 14, 2018  10:01 am

Bookmark and Share


රක්වාන, කොහොඹකන්ද - ලබුවැල්වත්ත මාර්ගයේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කහවත්ත, ලබුවැල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී යතුරුපැදියක් හා පතොරමක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පැවසීය.

මේ අතර ගම්පහ, බටපොත ප්‍රදේශයේදී  සිදු වූ වෙඩි තැබිමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුලත් කර තිබේ.

ඊයේ (13) පස්වරු 06.30ට පමණ ප්‍රදේශයේ ඉඩමක පස් කපමින් සිටි පිරිසක් වෙත යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

වෙඩි ප්‍රහාර කිහිපයකට ලක්ව එහිදී තුවාල ලැබූ කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයා රෝහල් ගත කර ඇති බව පොලිසිය සදහන් කළේය.