Back to Top

ඇත් දළ කොටස් කිහිපයක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

ඇත් දළ කොටස් කිහිපයක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

January 14, 2018  09:06 am

Bookmark and Share
Ad


ඇත් දළ කොටස් කීපයක් ළඟ තබා ගෙන සිටි බව කියන පුද්ගලයෙකුව  මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නාත්තන්ඩිය - පහල තබ්බෝව,මාවිල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38 ක් වන කට්ඩටියෙක් බව මාරවිල පොලීසිය සඳහන් කරයි.

පිරිසිදු කර සකස් කරන ලද ඇත් දළයක කොටසක් සහ ඇත් දළයකින් සකස් කරන ලද පෙන්ඩනයක්ද සැකකරු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇත.

මෙම ඇත් දළ කොටස් තමන්ට ත්‍යාගයක් ලෙස ලැබුණු ඒවා බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.

මාරවිල පොලීසියෙ දැණුම්දීම මත වන ජීවී නිලධාරීන්ද පැමිණ මෙම ඇත් දළ කොටස් පරීක්ෂා කර ඇති අතර මෙම ඇත් දළ කොටස් කුඩා ප්‍රමාණයේ ඇතෙකුගේ වන්නට ඇති බව විශ්වාස කරන්නේ යැයි වන ජීවී නිලධාරීන් පවසයි.

සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්.ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.