Back to Top

දැඩි සුළඟෙන් නිවාස 300 කට හානි

දැඩි සුළඟෙන් නිවාස 300 කට හානි

January 13, 2018  01:27 pm

Bookmark and Share


ඊයේ (12) සවස පහයි හතලිස් පහට පමණ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හරහා හමාගිය දැඩි සුළඟකින් නිවාස 300 කට පමණ හානි සිදුව තිබේ.

සුළඟ හේතුවෙන් කඩා වැටුනු ගස් නිසා කොටදෙනියාව සිට ගොඩකවෙල දක්වා වු විදුලි සැපයුමට බාධා එල්ලවී ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය.

ප්‍රදේශවාසීන් පවසන්නේ සුළං තත්ත්වය විනාඩි දහයක කාලයක් පැවති බවයි. කෙසේ වෙතත් මාර්ගය අයිනේ නවතා තිබු රථ වාහන වලට දැඩි අලාභ හානි සිදුව තිබේ.

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ඇතිව අවතැන් වු පිරිස සඳහා සහන සැලසිමේ කටයුතු ආරම්භ කර තිබේ.

මෙම සුළං තත්ත්වය ටොනාඩෝ තත්ත්වයක්ද යන්න සොයා බැලීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් පිටත් කල බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන් පැවසීය.