තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

January 13, 2018   01:27 pm



මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන ලද  කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත අදාළ මළ සිරුර සොයා ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 44 හැවිරිදි කාන්තාවකි.

මෘත ශරීරය සිද්ධිය සිදු වූ ස්ථානයේම තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතය.

ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී  නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.