Back to Top

නිදහස් සන්ධාන කාර්යාලයට ප්‍රහාරයක්

නිදහස් සන්ධාන කාර්යාලයට ප්‍රහාරයක්

January 13, 2018  01:07 pm

Bookmark and Share


ආරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පක්ෂයෙන් තරඟ කරන හලාවත - විල්පත පදිංචි ඒ.එම්.සේනාධීර මහතාගේ නිවස ඉදිරිපිට සවි කර තිබූ මැතිවරණ ප්‍රචාරක පුවරු දෙකකට කිසියම් පිරිසක් විසින් හානි කර ඇති බව පල්ලම පොලීසියට ලැබී ඇති පැමිණිල්ලක සදහන් වේ.

අද (13) දින අළුයම 2.00 ට පමණ මෝටර් රථයකින් පැමිණ ඇති දෙදෙනෙකු ප්‍රචාරක පුවරු වලට හානි කර පලා ගොස් ඇති බවත්,ඔවුන් කවුරුන්ද නොහදුනන බවද ඒ.එම්.සේනාධීර මහතා පල්ලම පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.

කවුරුන් විසින් මෙම කටයුත්ත සිදු කර ඇද්ද යන්න මෙතෙක් හෙලිවී නොමැති බව පොලීසිය පවසයි.

පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරයි.