Back to Top

ලංගම බස් රථයේ රියදුරා KG ලඟ තියාගෙන පොලීසියට මාට්ටු

ලංගම බස් රථයේ රියදුරා KG ලඟ තියාගෙන පොලීසියට මාට්ටු

January 13, 2018  12:35 pm

Bookmark and Share


කොළඹ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයේ කේරල ගංජා ලග තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම බස් රථයේ රියදුරාව ගිනිගත්හේන පොලිසිය මගින් ඊයේ (12) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටිය ඩිපෝවට අයත් එම බස් රථයේ රියදුරා කාලයක් තිස්සේ කොළඹ සිට නාවලපිටිය දක්වා බස් රථයෙන් ගංජා ප‍්‍රවහානය කරන බවට ලද තොරතුරක් මත ගිනිගත්හේන පොලිසියේ වැටලිම් අංශයේ නිළධාරින් විසින් ඊයේ (12) පස්වරු 6.30 ට පමණ ගිනිගත්හේන නගරයේදි බස් රථය නතර කර රියදුරාව පරික්‍ෂා කිරිමේදි ඔහු සන්තකයේ තිබි කේරල ගංජා මිලිග‍්‍රෑම් විසිහයදහස් තුන්සිය හැටපහක් සමග රියදුරාව සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

 බස් රථයේ ඩිපෝවට මුදාහැර ඇති අතර සැකකරු හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කරන බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.