LTTE සංවිධානයේ ගීත මැතිවරණ ප්‍රචාරණයට යොදා ගන්න එපා

LTTE සංවිධානයේ ගීත මැතිවරණ ප්‍රචාරණයට යොදා ගන්න එපා

January 13, 2018   11:55 am



යාපනය, කිලිනොච්චි හා මුලතීව් දිස්ත්‍රික්කයන් හි දේශපාලන පක්ෂ කිහිපයකටම අයත් අපේක්ෂකයින් කිහිප දෙනෙකු සිය ප්‍ර‍චාරක කටයුතු සදහා ජාතිකවාදී හා එල්ටීටීඊ සංවිධානය විසින් ප්‍ර‍චලිත කළ ගීත යොදා ගැනීම නවතා දමන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටියි.

යාපනය, කිලිනොච්ච් හා මුලතීව් පළාත් පාලන ආයතන සදහා අපේක්ෂකයින් කිහිප දෙනෙක් විසින් එල්ටීටීඊ සංවිධානය විසින් ප්‍ර‍චලිත කළ ගීත සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගන්නා බව කැෆේ සංවිධානය නිරීක්ෂණය කරල බවත් එල්ටීටීඊ  විමුක්ති ගීත මැතිවරණ ප්‍ර‍චාරයට යොදා ගැනීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් පමණක් නොව රටේ නීතිය ද උල්ලංඝන කිරීමක් බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටියි.