අමෙරිකාව ජාලිය වික්‍රමසූරියගෙන් යුද රහස් දැනගන්න උත්සහ කරලා

අමෙරිකාව ජාලිය වික්‍රමසූරියගෙන් යුද රහස් දැනගන්න උත්සහ කරලා

January 13, 2018   11:30 am



අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගේ නීතිඥයින් විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.

එහි දැක්වෙන්නේ පසුගිය ජනවාරි 5 වන දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කරනු ලැබූ විවෘත වරෙන්තුව සම්බන්ධයෙන් මාධ්‍ය මගින් නිසි කරුණු වාර්තා කර නොතිබූ බවත් එම තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා කිසිඳු තත්ත්වයක් යටතේ හිටපු තානාපතිවරයා අධිකරණය මගහැර සිටීමක් හෝ  නොපැමිණ සිටීමක් මෙහිදී  චේතාන්විතව සිදු නොවන බව නිවේදනයේ දක්වා තිබේ.

ජාලිය වික්‍රමසූරිය මහතා ඇමරිකාවේදී මූලික ප්‍රකාර ලබා ගැනිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා විදෙස් රටකට යාම සඳහා ගුවන්තොටුපලට ගිය අවස්ථාවේදී එහි ආගමන විගමන නිලධාරීන් දන්වා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටව යාමට උත්සහ කළ හොත් අත්අඩංගුවට ගැනීමට ඔවුන්ට සිදුවන බවයි.

කෙසේ නමුත් පසුව ඇමරිකානු බලධාරීන් විසින් ජාලිය වික්‍රමසුරිය මහතාට යෝජනාවක් කර ඇති අතර එහිදි ඔවුන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර යුද්ධයේදී සිදුවූ යුධ අපරාධ පිළිබඳව තොරතුරු ඇමරිකානු බලධාරීන් වෙත හෙළිකරන්නේ නම් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු  කල හැකි බව දන්වා ඇති අතර එහිදි ජාලිය වික්‍රමසූරිය මහතා එය දැඩිව ප්‍රතික්ෂේප කල බව නිකුත් කල නිවේදනයේ දැක්වේ.


අමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගේ නීතිඥයින් විසින් නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි 

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගේ නීතිඥයින් විසින් නිකුත් කල සම්පූර්ණ නිවේදනය by deranapics on Scribd