Back to Top

සුරංග ලක්මාල්ට ලැබුණු අලුත් තනතුර

සුරංග ලක්මාල්ට ලැබුණු අලුත් තනතුර

January 13, 2018  10:17 am

Bookmark and Share


බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උපනායකත්වයට සුරංග ලක්මාල් පත් කර තිබේ.

මේ සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය ද හිමිව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

බංග්ලාදේශ සංචාරයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජනවාරි මස 31 වනදා චිතගොන් හීදි ආරම්භ විමට නියමිතය.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පෙබරවාරි මස 08 වනදා ඩකාහිදී ආරම්භ වෙයි.

මේ අතර ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කරන අතර දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දැක්වැල්ල, රෝෂේන් සිල්වා, රංගන හේරත්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ලහිරු ගමගේ සහ ලහිරු කුමාර කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් වෙයි.