Back to Top

දඹුල්ල  ව්‍යාපාරිකයාගේ නිවස කැඩූ හොරා

දඹුල්ල ව්‍යාපාරිකයාගේ නිවස කැඩූ හොරා

January 12, 2018  03:37 pm

Bookmark and Share


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුගේ දඹුල්ල මිරිස් ගෝනියාව  ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවසේ කාමරයක  තිබුණු  රුපියල් ලක්ෂ 5ක රන් භාණ්ඩ සහ මුදලින් රුපියල් ලක්ෂ 5ක්   සොරාගෙන ගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි.

එකොළොස් වන දින දහවල් උදේ 11.30 සිට 12 .15 වනතුරු මෙම පුද්ගලයා නිවසට ඇතුළු වී මෙම මුදල් හා රන් භාණ්ඩ කොල්ල කාගෙන යන ආකාරය නිවසේ සවි කර තිබූ සී.සී.ටී.වී ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබේ.

නිවසට ඇතුළුව වී මෙම සොරාගැනීම සිදු කරන්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බව දඹුල්ල පොලිසිය පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු වූ ප්‍රියන්ත සේනක බණ්ඩාර මහතාගේ නිවසේ තිබූ මුදල් හා රන් භාණ්ඩ මෙසේ කොල්ල කා තිබේ.

ප්‍රියන්ත සේනක මහතා කියා සිටියේ තමන් සහ පවුලේ පිරිස හදිසි අවමඟුල් උත්සවයකට සහභාගි වී සිටිය දී පසුව රාත්‍රීකාලයේ නිවසට පැමිණ සොයා බැලීමේදී මෙම සොරකම සිදුව ඇති බව දැනගැනීමට ලැබුණු බවය.

තම නිවසේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් වන පරිදි අදාල කකරුවෙකු ප්‍රධාන මාර්ගයෙන් පැමිණ මද වේලාවක් ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට රැඳී සිටිමින් නැවතත් අවට පරීක්ෂාකොට ප්‍රධාන ගේට්ටුව පසුකොට නිවසේ පිටුපස දැලෙන් ගෙවත්තට ඇතුළු වී පසුව තම නිවෙස පිටුපස ඇති ගබඩා කාමරය විවෘත කොට එහි තිබූ අලවංගු හා ආයුධ ලබාගෙන නිවසේ පිටුපස දොර කඩා නිවසට ඇතුළු වී ඇති බවය.

විනාඩි 27 ක පමණ කාලයක් නිවසේ තුළ රැඳී සිටින සැකකරු නිවසේ සෑම කාමරයකටම ගොස් අල්මාරි කඩා බිඳ දමා ඒ වාගේ තිබූ ජංගම දුරකථන මුදල් රුපියල් ලක්ෂ පහක් මෙන්ම රුපියල් ලක්ෂ 5කට අධික රන් භාණ්ඩ නිවසේම තිබූ බෑගයක දමාගෙන නිවසෙන් පිටව යන ආකාරය තම ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබෙන බව සඳහන් කළේය.

ඉතාමත් හුරු පුරුදු පුද්ගලයෙකු ලෙස තම නිවෙසට ඇතුළුවන මෙම පුද්ගලයා කිසිම දිනක නොදුටු අයෙකු බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ආරක්ෂිත කැමරාවේ දත්ත උපයෝගී කරගෙන සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි දඹුල්ල පොලිසිය විශ්වාසය පළ කර සිටියි.

මේ වන විටත් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්රටමරත්න මහතාගේ උපදෙස් පරිදි  අපරාධ අංශයේ හා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිව රුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වති.