නොදැන කරපු වරදට සමාව දෙන්නැයි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලයි

නොදැන කරපු වරදට සමාව දෙන්නැයි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලයි

January 12, 2018   01:10 pm



බලපත්‍රයක් නොමැතිව හා නීති විරෝධී ඉන්දියානු බීඩි තොගයක් අලෙවි කල වවුනියාවේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට පිළිවෙලින් රුපියල් ලක්ෂ 4 ක් හා ලක්ෂ 3 ක් බගින් වව්නියාව දිසා විනිසුරුවරිය වන ශ්‍රී නිධි නන්දසේකරන් මහත්මිය විසින් දඩ නියම කොට තිබේ.

වව්නියාවේ සුරබදු නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් මත මෙම බීඩි තොගය පසුගිය ජනවාරි මස 04 වෙනිදා අත්අඩංගුවට ගත් අතර ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 14 ක් බවට ගණන් බලා තිබුණි.

විත්තිකරුවන් අධිකරනයට පවසා තිබුණේ තමන් එම බීඩි වර්ගය තහන් බීඩි වර්ගයක් බව නොදැන සිටි බවත් ජනතාව වැඩි වශයෙන් එම බීඩි මිලදී ගන්නා ව්‍යාපාරිකයෙක්ගෙන් තොග වශයෙන් බීඩි මිලට ගත් බවත්ය.

විත්තිකරුවන් දෙදෙනා විසින් නොදැන කල වරදට ප්‍රථම වතාවට සමාව දෙන මෙන් විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටි  නමුත් විනිසුරුවරිය අදාල දඩ මුදල නියම කොට තිබේ.

වව්නියාවේ නව දිසා විනිසුරුවරිය වශයෙන් ජනවාරි මස 01 දා සිට පත්ව සිටින්නේ යාපනයේ  නාවට්කුලි බෞද්ධ විහාරයේ වැඩ කටයුතු  කඩිනමින්  අවසන් කරන මෙන් ඓතිහාසික  නියෝගයක් ලබාදුන් චාවාකච්චෙරිය හිටපු දිසා විනිසුරුවරිය වන ශ්‍රී නිධි නන්දසේකරන් මහත්මියයි.