Back to Top

කුඩු අල්ලන්න ගිය පොලීසියට හොරු දෙන්නෙක්  බඩුත් එක්ක මාට්ටු

කුඩු අල්ලන්න ගිය පොලීසියට හොරු දෙන්නෙක් බඩුත් එක්ක මාට්ටු

December 7, 2017  09:08 pm

Bookmark and Share


මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය නිකවැරටිය කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසකට කොල්ලකරුවන් දෙදෙනෙකු ද හසුකර ගැනීමට හැකිව තිබේ. 

නිකවැරටිය පොලිස් කොට්ඨාසයට අයත් පොල්පිතිගම පොලිස් බලප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කරුවකු සහ හෙරොයින් ළඟ තබාගත් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පොල්පිතිගම පොලිසියට භාර දීමට යමින් සිටියදී කාන්තාවක සතු පවුම් එකහමාරක රන් මාලයක් කොල්ල කා  යතුරු පැදියකින් පලා යමින් සිටි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට හමුවන විට අදාල කාන්තාව තවත් කාන්තාවක සමඟ යතුරුපැදියකින් කොල්ලකරුවන් ලුහුබැඳ යමින් සිට ඇත. 

පොලිසිය දුටු විට එම කාන්තාව හඬ නගා කෑ ගැසීමත් සමඟ ජීප් රථයෙන් ඔවුන් ලුහුබැඳ ගිය පොලිසියට අතුරු මාර්ගයක දී කොල්ලකරුවන් හසුකර ගැනීමට හැකිව තිබේ.

එම අවස්ථාවේදී ඔවුන් යතුරු පැදිය අතහැර පලායාමට උත්සාහ කර ඇතත් පොලිස් නිලධාරීන් ට ඔවුන් අල්ලා ගැනීමට හැකිව තිබේ. 

මෙම කොල්ලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු 19 හැවිරිදි වන අතර අනෙකාට 23 කි. 

යතුරු පැදියද 19 හැවිරිදි සැකකරු ට අයත් වන අතර ඔහු තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. 

අනෙක් සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව මේ වනවිට අනාවරණය වී තිබේ.