Back to Top

වල්ලාපට්ටා මස්කට් ගෙනියන්න ගිය දෙන්නෙක් බිස්කට් වගේ කුඩු වෙයි

වල්ලාපට්ටා මස්කට් ගෙනියන්න ගිය දෙන්නෙක් බිස්කට් වගේ කුඩු වෙයි

December 7, 2017  04:53 pm

Bookmark and Share


වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස මස්කට් නුවර වෙත ගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

මෙයින් එක් පුද්ගලයකු 25 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබේ.

ඔහුගේ ගමන් මල්ලේ කිලෝග්‍රෑම් 23 යි ග්‍රෑම් 300 ක් බර වල්ලපට්ටා තොගයක් සගවා ගෙන තිබූ අතර , අනෙක් පුද්ගලයා දංඕවිට ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. 

ඔහුගේ ගමන් මල්ලේ ද කිලෝග්‍රෑම් 30 යි ග්‍රෑම් 200 ක් බර වල්ලපට්ටා තොගයක් සගවා ගෙන තිබී ඇත. 

ඒවායේ මුළු වටිනාකම රුපියල් 27 ලක්ෂ 60 දහසක් බව රේගුව පවසයි.

මොවුන් දෙදෙනා අද දින උදෑසන 7.50 ට පමණ ඩුබායි හරහා මස්කට් නුවර වෙත ගමන් ගන්නා ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව් .වයි.- 0376 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ පිටත්වීමේ පර්යන්තයේ දී ගේට්ටු අංක 03දී මෙලෙස අත් අඩංගුවට ගෙන තිබිණි.

සහකාර රේගු අධිකාරීවරුන් වන පී.එන්.පී.පී.ප්‍රේමරත්න , ආර්.වයි.ජීවානන්ද , කේ .එච්.ඩී.කසුන් , ටී.ඩී.එල්.එල්.තන්තිරිවත්ත,ඩබ්ලිව්.එම්.සිල්වා,එන්.ජී.එම්.මධුභාෂණී , සහ එල්.එල්.එස්.එල්.ජයසිංහ යන මහත්ම මහත්මීන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඕ.ජේ.ඔබේසේකර මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.