ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිඳී ඇති බව ජවිපේ කියයි

ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය බිඳී ඇති බව ජවිපේ කියයි

December 7, 2017   02:31 pm




වත්මන් ආණ්ඩුව  කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ආණ්ඩු පාලනය තුළ දූෂණ වංචා සිදුකල පුද්ගලයින් පළාත් පාලනය තුළ දූෂණ වංචා සිදු නොකරන බවට සහතිකයක් ලබාදිය නොහැකි බව එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගීවෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.