Back to Top

මුළු අයවැයම කරුණු හතරයි-ඒ හතරම ජනතාවට වැඩක් නෑ

මුළු අයවැයම කරුණු හතරයි-ඒ හතරම ජනතාවට වැඩක් නෑ

November 14, 2017  04:33 pm

Bookmark and Share
2018 අයවැය ලේඛනය ඉතා විශාල මිත්‍යාවක් වන බවත් එහි යථාර්ථය ඉතාම කටුව වනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අයවැය ලේඛනය තුළ මුදල් ඇමති රටේ සියලු දෙනාගේ අවධානය කරුණු 4කට පමණක් ඉතා සූක්ෂම ලෙස ගොණු කර තිබීම බව ද ගුණවර්ධන මහතා පැවසීය.

එහිදී ප්‍රධාන වශයෙන් බියර් බදු අඩු කිරීම, සෙලියලර් දුරකථ ගාස්තු ඉහළ යෑම, මෝටර් වාහන සම්බන්ධයෙන් මිල අඩු වැඩි වීම් හා බැංකු 
ගනුදෙනු සඳහා ශත 20ක් යන ප්‍රධාන කරුණු කිහිප තුළ පමණක් සමාජ කථිකාවතක් ගොඩ නැඟී ඇති බව ද ගුණවර්ධන මහතා කියා සිටියේය.

අද(14) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මේ අතර රජයේ ඍජු බදු ආදායම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයට වඩා සියයට 93 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කෙසේ හෝ දරා ගත නොහැකි බදු බරක් පොදු ජනතාව මත පටවා රජයේ ආදායම ඒ තුළින් ඉහළ නැංවීමට රජය මෙවර කටයුතු යොදමින් සිටින බවත් විජාතීකරණය තුළින් එයට තවත් පිටුවහලක් හිමිවන බවත් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය.

2020 වන විට අයවැය පරතරය දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 3 ක් විය යුතු බව ද පැවසු බන්දුල ගුණවර්ධන මහතා තව දුරටත් කියා සිටියේ, විශාල උද්ඝෝෂණ යටතේ  ද වැට් බද්ද සම්මත කර ගත් ආණ්ඩුව දේශීය ආදායම් පනත ද සම්මත කර ගැනීම තුළින් අයවැයට අවශ්‍ය පසුබිම පෙර සිටම සකසා අවසන් වු බවයි.