Back to Top

සැබෑ ශ්‍රීල.නි.ප යක් වෙනුවෙන් මහින්දානන්ද

සැබෑ ශ්‍රීල.නි.ප යක් වෙනුවෙන් මහින්දානන්ද

October 13, 2017  01:26 pm

Bookmark and Share
සෑබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය ඉවත් කිරිම පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරිම පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

මේ අතර යහපාලන රජයේ වෙනස ඇතැමුන්ට නොවැටහෙන බව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අනුරාධපුරය, එප්පාවෙල ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් පැවසීය.