Back to Top

ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයෙක්

ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයෙක්

October 13, 2017  11:53 am

Bookmark and Share
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පත් කර තිබේ.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසුරිය මහතා විසින් අද(13) දිනයේ දී  මෙම පත්වීම ලබා දී ඇති බව වාර්තා වෙයි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති එන්. එම්. එස්. මුණසිංහ මහතා ඉහත සමාගමේ විධායක සභාපතිවරයා ලෙස දැරූ බලතළ සියල්ල අත්හිටුවීමට අමාත්‍යාංශය විසින් පසුගිය 11 වන දා ක්‍රියා කරනු ලැබීය.