Back to Top

 4ක් පෝරකයට තීන්දුයි

4ක් පෝරකයට තීන්දුයි

September 14, 2017  02:41 pm

Bookmark and Share

පුද්ගල ඝාතන චෝදනාවකට වරදකරුවන් වූ සිව්දෙනෙකුට කෑගල්ල මහාධිකරණය මරණ දඞුවම නියම කර තිබේ.

මීට වසර 22කට පෙර සිදුවූ පුද්ගල ඝාතනයන් දෙකකට අදාළව මහාධිකරණය හමුවේ දීර්ඝ කාලයක් විභාග වු නඩුවක තීන්දුව මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද(14) දිනයේ ප්‍රකාශයට පත්කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

1995 වසරේ සැප්තැම්බර් මස 29 වන දින කෑගල්ල - දීගල ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබු අතර ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් 6 දෙනෙකුට එරෙහිව අයුතු ජනරාශිය හා පුද්ගල ඝාතන යන චෝදනා යටතේ කෑගල්ල මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබුණි.

කෙසේවෙතත් නඩු විභාගය අතරතුර දී එක් විත්තිකරුවෙකු මියගොස් ඇති අතර තවත් විත්තිකරුවෙකු අධිකරණය මගහැර ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

නඩුවේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කළ මහාධිකරණය විනිසුරුවරයා සෙසු විත්තිකරුවන් සිව්දෙනා අදාළ චෝදනාවලට වැරදිකරුවන් බව තීන්දු කර තිබේ.

ඒ අනුව අයුතු ජනරාශිය යන චෝදනාවට එක් අයෙකුට රුපියල් 5000 බැඟින් දඩයක්  සහ මාස 6ක සිරදඞුවමක් නියම කළ මහාධිකරණය විනිසුරුවරයා පුද්ගල ඝාතන චෝදනාවට මරණ දඞුවම නියම කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.