Back to Top

 බස් අනතුරින් 7ට තුවාලයි

බස් අනතුරින් 7ට තුවාලයි

September 14, 2017  01:19 pm

Bookmark and Share
Ad

කොළඹ - කුරුණෑගල මාර්ගයේ බෝයගනේ ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.

ත්‍රීකුණාමලය දෙස සිට කොළඹ දෙසට ධාවනය වු පෞද්ගලික බස් රථයක්  රියදුරුට පාලනය කරගත නොහැකිව එම මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසළ නවතා තිබු ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.

අනතුරෙන් බස් රථයේ සහයක ඇතුළු හත් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් පොතුහැර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.