Back to Top

සනත්, මහරුෆ්, අෂාන්, ලැබ්රෝයි සිටි ක්‍රීඩාවලිය අතර බෝම්බයක් පුපුරයි

සනත්, මහරුෆ්, අෂාන්, ලැබ්රෝයි සිටි ක්‍රීඩාවලිය අතර බෝම්බයක් පුපුරයි

September 14, 2017  11:37 am

Bookmark and Share
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළ සෝදිසි මුරපොළකදී ඊයේ (13) මාරාගෙන මැරෙන් බෝම්බකරුවකු සිදු කළ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.

බෝම්බය පුපුරා යන අවස්තාවේ එකී ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙමින් තිබුණු අතර එම තරගාවලිය  සඳහා ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය,  ෆර්වීස් මහරුෆ්, අෂාන් ප්‍රියංජන සහ තරග තීරක ග්‍රැහැම් ලැබ්රෝයි සහභාගී වී ඇත.

බෝම්බය පුපුරායන අවස්ථාවේ ඔවුන් ක්‍රීඩාංගනයේ නොසිටි අතර එම අවස්තාවේ ඔවුන් ක්‍රීඩාංගනයේ සිට බොහෝ ඈතක සිට ඇත.
 
 ක්‍රීඩාවලිය නිමා කරමින් අද (14) අළුයම සනත් ජයසූරිය සහ ෆර්වේස් මහරූෆ් දිවයිනට පැමිණ ඇති අතර අශාන් ප්‍රියන්ජන සහ ග්‍රැහැම් ලැබ්රෝයි තවමත් ක්‍රීඩාවලියට සහභාගී වෙමින් සිටිති.

මෙම බෝම්බ ප්‍රහාරය  පිළිබඳව ඇෆ්ගනිස්ථානයේ  ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තර කර ඇති බව ඔවුන් පවසා ඇත.