Back to Top

 අනතුරින් 1ක් මරු දකියි

අනතුරින් 1ක් මරු දකියි

September 14, 2017  10:17 am

Bookmark and Share


ආනමඩුව - ගල්ගමුව මාර්ගයේ මහඋස්වැව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ආණමඩුව දෙස සිට නවගත්තේගම දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු ආනමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් ආනමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.