Back to Top

අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරිමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරිමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

September 13, 2017  08:41 am

Bookmark and Share
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක වීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.
 
ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබන ලද ගැසට් නිවේදනය  මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වෙයි.
 
2016 අංක 14 දරණ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත ඇතුළු 2017 අංක 09 දරණ සංශෝධණ පනතේ වගන්තිවලට අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතළ ප්‍රකාරව එම පනතේ විධිවිධාන ලබන 15 වන දින සිට ක්‍රියාත්මක විය යුතු බවට අදාල ගැසට් නිවේදනයේ සඳහන්ව තිබේ.
 
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනතට අනුව එය සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත විය යුතු වෙයි.
 
එම සාමාජිකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුයි.