Back to Top

Ad

මාතලේ හා කෑගල්ල නායයෑම් අවධානම තවදුරටත්

මාතලේ හා කෑගල්ල නායයෑම් අවධානම තවදුරටත්

September 13, 2017  07:58 am

Bookmark and Share
මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල නායයෑමේ අනතුරු ඇගවීම් තවදුරටත් වලංගු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් ඇති විය හැකි නායයෑම් තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත් විය යුතු බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

මේ අතර වර්ෂාපතනය හේතුවෙන් කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.

මේ හේතුවෙන් බුලත්සිංහල, අගලවත්ත සහ ඉංගිරිය යන ප්‍රදේශවල ජනතාව විමසිලිමත් විය යුතු බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් කියා සිටියේය.