Back to Top

විදුලිය වැඩවර්ජනයකට සූදානම්

විදුලිය වැඩවර්ජනයකට සූදානම්

September 13, 2017  06:41 am

Bookmark and Share
විදුලිබල මණ්ඩල සේවකයින්  වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේ ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

 මේ අතර විදුලි සේවකයින්ගේ වැඩ වර්ජනයට නිමිත්ත වී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන්  අදාළ අංශ අවධානය යොමුකර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවැසීය.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සදහා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගනන අංශය මේ වන විටත් අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

සෙසු ඉල්ලීම් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කම්කරු දෙපාර්තමේන්තුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව එම අමාත්‍යාංශය අදාළ නිවේදනයෙන් පවසා ඇත.