Back to Top

ක්‍රිකට් ආයතන පරිපාලනයේ වෙනස්කම් කිහිපයක්?

ක්‍රිකට් ආයතන පරිපාලනයේ වෙනස්කම් කිහිපයක්?

September 12, 2017  09:15 pm

Bookmark and Share


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට වගකීම් පවරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ගොඩනැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙමඟින් අපේක්ෂිතය.

ඒ අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට ක්‍රිකට් උපදේශක තනතුරක් ලබාදීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

අරවින්ද ද සිල්වා 2010 – 2011  කාලය තුළ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ද කටයුතු කර පසුව ඉල්ලා අස්වුණි.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවක් ක්‍රියාත්මක නොවන අතර නව තේරීම් කමිටුව සඳහා රොෂාන් මහානාම, බ්‍රෙන්ඩන් කුරුප්පු, ග්‍රහැම් ලැබ්‍රෝයි නම් කිරීමට ද නියමිත බව වාර්තා වෙයි.

බ්‍රෙන්ඩන් කුරුප්පු මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරඟ තීරකවරයෙකු ලෙස ද කටයුතු කරයි.

මේ අතර විදෙස්ගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා දිවයිනට පැමිණීමෙන් පසු නව යෝජනා සළකා බලනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.