Back to Top

ඩෙංගු රෝගීන්ට වැටුප් සහිත නිවාඩු ඉල්ලයි

ඩෙංගු රෝගීන්ට වැටුප් සහිත නිවාඩු ඉල්ලයි

September 12, 2017  05:58 pm

Bookmark and Share
ඩෙංගු රෝගය වැළඳුනු සියලුම රාජ්‍ය සේවකයින්  සදහා වැටුප් සහිත නිවාඩු ලබා දෙන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ  ලේකම් මහින්ද ජයසිංහ මහතා ඉල්ලීමක් කර ඇත

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් වෙත් අද(12) ලිපියක් යොමු කරමින් ඔහු මෙම ඉල්ලීම කර ඇත.

මාරන්තික සහ අසාධ්‍ය රෝග ලෙස සැලකෙන ක්‍ෂය රෝගය, ලාදුරු රෝගය, පිළිකා රෝගය යන රෝග අතරට ඩෙංගු රෝගයද ඇතුළත් කළ හැකි බැවින්
ආයතන සංග්‍රහය යටතේ ඩෙංගු රෝගීන්ටද සම්පූර්ණ වැටුප් සහිත මස 6ක නිවාඩු ලබා ගැනීමේ හැකියාවක් ඇති බව ඔහු මෙම ලිපියෙන් පෙන්වා දී ඇත.

 ඩෙංගු රෝගය මාරාන්තික හා  ඉතා අසාධ්‍ය රෝගයක් බව දන්නා සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණ පඩි සහිත විශේෂ නිවාඩුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සඳහා ලබාදෙන ලෙස 2017 මැයි මස 18 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කළ චක‍්‍රලේඛයෙන් දන්වා ඇති බව මෙම ලිපියෙන් ඔහු වැඩි දුරටත් පෙන්වා දී ඇත.