Back to Top

Ad

අලි හක්ක බිඳින හක්ක පටස් තහනම් කරන්න නීති ඉල්ලයි

අලි හක්ක බිඳින හක්ක පටස් තහනම් කරන්න නීති ඉල්ලයි

September 12, 2017  04:49 pm

Bookmark and Share
අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක්  ලෙස  හක්කා පටස් යොදාගෙන අමානුෂික ලෙස අලින් මැරීමට එරෙහිව නීති සම්පාදනය කළ යුතු බව වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය විජිත පෙරේරා කියා සිටියේය.

හම්බන්තොට ,බදගිරිය ,තන්මැන්නාව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ හක්කපටස් කෑමෙන් බරපතල තුවාල ලබා සිටි වයස අවුරුදු 03ක පමණ අලි පැටවෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්හට හමුවීමෙන් පසු අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

 අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අලි පැටවාට  මුලික ප්‍රතිකාර ලබාදුන්  නමුත් අලි පැටවාගේ තත්ත්වය අසාධ්‍ය බව  වෛද්‍ය විජිත පෙරේරා කියා සිටියේය.
     
"මේ හක්ක පටස් වලට ගොදුරු වී මිය යන අලි පැටවූ ගොඩක් දුක් විදලා  මැරෙන්නේ. මේ වසර තුළ  උඩවලව ඇත් අතුරු සෙවනට පමණක් හක්ක පටස් කාපු අලි පැටවු හතර දෙනෙක් ගෙනාව නමුත් ඒ අය ජිවත් කරන්න පුළුවන් ටික දවසයි.

මිනිස්සු මේ අමානුෂික  ක්‍රියාව නතර නොකරන්නේ මීට එරෙහිව නීති සම්පාදනය කොට හෝ මේක නැවැත්විය යුතුයි" යනුවෙන් වෛද්‍ය  විජිත පෙරේරා  පැවැසීය.