Back to Top

ජනාධිපතිවරයාගේ හරි හෝ වැරදි තීරණ ක්‍රියාවට නැංවීම ලේකම්ගේ වගකීමක්

ජනාධිපතිවරයාගේ හරි හෝ වැරදි තීරණ ක්‍රියාවට නැංවීම ලේකම්ගේ වගකීමක්

September 12, 2017  04:46 pm

Bookmark and Share

ඉතිහාසය පුරාම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිමය තීන්දු හරි හෝ වැරදි වුවත් නියම කරන ලද දේ ක්‍රියාවට නැංවීම ලේකම්වරයා සතු වගකීමක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද(12) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

1989 හා 1990 යන කාලවලදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ කරන ලද ආර්.පාස්කරලිංගම් මහතාට හරි හෝ වැරදි වුවත් හදිසි රහස්‍ය වියදම් දැරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මහජනයාගේ බදු මුදල් එළියට ගන්නා ලෙස නියෝග කර ඇති බවත් අද වන විට ඔහු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන උපදේශකයෙක් ලෙස සේවය කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය. 

මෙම ලියකියවිලි සඳහා නිකුත් කරන ලද නිලධාරියා විසින්ම සාක්ෂිකරු වශයෙන් අත්සන් තබා ඇති බවත් එදා පාස්කර්ලිංගම්ට අදාළ නොවු නීතිය අද වන විට අවංක රාජ්‍ය නිලධාරීයෙකු වෙත බලපා ඇති බවද ඔහු මෙහිදී පැවසීය.

සිල්රෙද්දට මුවා වී ආණ්ඩුව සමාජය තුළ වෛරීය ක්‍රියාවලියක් සිදු කරන බවත් එයට ඒකාබද්ධ විපක්ෂය විරෝධතාවය දක්වන බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.