Back to Top

Ad

වැදගත් වන්නේ රාජ්‍ය නායකයාගේ ස්ථාවරය පමණයි

වැදගත් වන්නේ රාජ්‍ය නායකයාගේ ස්ථාවරය පමණයි

September 12, 2017  04:18 pm

Bookmark and Share
පසුගිය යුද සමය පිළිබඳ කවුරුන් කුමන දේ පැවසුවත් වැදගත් වන්නේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන ප්‍රකාශයන් පමණක් බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

අද(12) පැවති එම පෙරමුණේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ශාන්ත බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේය.

සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයා විසින් යම් දෙයක් පැවසූවහොත් ඒ සම්බන්ධයෙන් වගකීමක් දැරිය හැකි බවද ඔහු මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද යන්න පිළිබඳ ලෝකයටම ප්‍රකාශ කර ඇති බැවින් ඒ පිළිබඳ කිසිවෙකුටත් කලබල විය යුතු නොමැති බවද ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.