Back to Top

Ad

පළමු කොඩිය ජනපතිට

පළමු කොඩිය ජනපතිට

September 12, 2017  04:02 pm

Bookmark and Share


ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන කොඩි සතියේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පළඳවා තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයා වෙත පළමු කොඩිය පැළඳවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව වාර්ෂිකව මෙම කොඩි සතිය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙමඟින් ලැබෙන අරමුදල් සිරකරුවන් උදෙසා සිදු කරනු ලබන වෛද්‍ය  සායන, ඇස් කණ්ණාඩි ලබා දීම, සනීපාරක්ෂක පහසුකම් ඇති කිරීම ඇතුළු සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප්‍රජා සත්කාර දියත් කිරීම සිදුකරන බව සඳහන්ය.