Back to Top

මාතලේ  අලි වැටේ අලි හොරකමක්

මාතලේ අලි වැටේ අලි හොරකමක්

September 12, 2017  03:46 pm

Bookmark and Share
මාතලේ දිස්ත්‍රික්කයේ විදුලි අලි වැට සදහා විදුලි ලබා ගැනිමට යොදාගන්නා
බැටරි 10ක් පමණ සොරාගෙන ඇති බැවින් ගැටළු රැසක් මතු වී ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

නාඋල දඹුල්ල හා කොන්ගහවෙල අතර කිලෝ මීටර් 40ක් වැනි දුරක් තුළ  අලි වැටට විදුලිය ලබා ගැනිමට සවිකර තිබු බැටරි 10ක්  හා එනජයිසරයක් සොරුන් විසින් පැහැරගෙන ගොස් ඇති බැවින් ගොවි ගම්මාන වෙත වන සතුන් ඇතුළු වී වගාවන් විනාශ කිරිමේ අවධානමක් පවතින බව කෘෂීකර්ම කමිටුව හමුවේ මාතලෙ වනජීව නිලධාරී නිශාන්ත වේරගල මහතා සදහන් කළේය.

විදුලි වැට ආරක්ෂා කිරීම සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තු නිලධාරීන්ගේ සහයෝගය ලබා ගෙන විදුලි බැටරි ආරක්ෂා කර ගැනිමට අවශ්‍ය පියවර ගැනිමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කිරිමට කෘෂිකර්ම කමිටු සභාපති දිසාපති ඩි. පි. ජි. කුමාරදිරි මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.