Back to Top

අමරවීර ධීවර වරායන් සියල්ල විකිණීමේ උත්සහයක

අමරවීර ධීවර වරායන් සියල්ල විකිණීමේ උත්සහයක

September 12, 2017  03:03 pm

Bookmark and Share
ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ධීවර වරායන් සියල්ල විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

අද(12) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

පසුගිය ආණ්ඩුව පැවති කාලයේ දී ධීවර අමාත්‍යවරයා වශයෙන් රාජිත සේනාරත්න මහතා විසින් සිදු කළ ක්‍රියාවම වත්මන් ධීවර අමාත්‍යවරයා ද සිදු කරන බවට විජිත හේරත් මහතා චෝදනා කරයි.

2016 ඔක්තෝබර් මස 12දා කැබිනට් පති‍්‍රකාවක් ධීවර වරායන් විකුණා දැමීම සම්බන්ධයෙන් ගෙන ආ බවත්, මෙම කැබිනට් පත‍්‍රිකාවට ජනාධිපතිවරයාගේ නිරීක්‍ෂත් ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස නිරීක්‍ෂණත් එවකට මුදල් ඇමති රවී කරුණානායකගේ නිරීක්‍ෂණත් ඉදිරිපත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

නමුත් ජනාධිපතිවරයා හෝ මුදල් ඇමතිවරයා මෙම ධීවර වරායන් විකිණීමේ කැබිනට් පති‍්‍රකාවට විරුද්ධ වී නොමැති බවත්, එනිසා මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් විජිත හේරත් මහතා පැවසීය. 

මේ තුළින් ආණ්ඩුව සියලූම ධීවර වරායන් සහ නැංගුරම් පොළවල් බදු දීමට නියමිත බවත්, මේ වනවිට ධීවර වරාය නීතිගත සංස්ථාවේ මූලස්ථානය ඇතුළු වරායන් 11ක් තක්සේරු කර අවසන් බවද හේරත් මහතා කියා සිටියේය.

මෙම වරායන් පෞද්ගලික අංශයට බදුදීම නිසා රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම ධීවරයින්ගේ ජන ජිවිතයට හා සමස්ත ධීවර කර්මාන්තයටම විශාල පහරක් එල්ල වී ඇති බව ලේකම්වරයා මෙහිදී පැවසීය.

ඒ තුළින් මත්ද්‍රව්‍ය ඡාවාරම තව දුරටත් ව්‍යාප්ත විය හැකි බවත් එනිසා මෙම වරායන් බදු දීම වහාම නතර කළ යුතු අතර සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ලෙස ආණ්ඩුවේ විකිණීමේ කි‍්‍රයාවලිය නතර කිරීම සඳහා ධීවර සංස්ථාවේ සේවකයින් සමඟත් රටේ ධීවර ජනතාව සමඟත් ඒකාබද්ධ කි‍්‍රයාමාර්ග ගැනීමට සූදානම් බවත් විජිත හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.