Back to Top

Ad

 වැලිකඩ බන්ධනාගාර සිද්ධිය-පෙත්සමක් සළකා බැලීම කල්යයි

වැලිකඩ බන්ධනාගාර සිද්ධිය-පෙත්සමක් සළකා බැලීම කල්යයි

September 12, 2017  02:48 pm

Bookmark and Share

වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් පිරිසක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග පනවන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් සළකා බැලීම අභියාචනාධිකරණය දෙවන වතාවටත් කල් දමා තිබේ.

අදාළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු  එල්.ටී.බී.දෙහිදෙනිය සහ ෂෙහාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද (12) කැඳවූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනි සිටින නීතීඥවරයා අද දින පෙනී නොසිටි අතර ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහුගේ කණිෂ්ඨ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව අදාළ ඉල්ලීම සළකා බැලු අභියාචනාධිකරණය පෙත්සම සළකා බැලීම ඔක්තෝබර් මස 17 වන දින දක්වා කල් දමනු ලැබීය.