Back to Top

 නව විදේශ ඇමති පුටුව ඉදිරි දින 2දී පිරවෙයි

AdaDerana Ad

නව විදේශ ඇමති පුටුව ඉදිරි දින 2දී පිරවෙයි

August 13, 2017  12:18 pm

Bookmark and Share



නව විදේශ කටයුතු අමාත්‍යවරයා පත් කිරීම ඉදිරි දින දෙක තුළ සිදු වනු ඇති බව වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ලබන 15 වන දින විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම්වරයා ද වැඩ බාරගැනීමට නියමිත බවයි.

බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව දිවයිනට පැමිණි වසන්ත සේනානායක අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.

මේ අතර  හිටපු විදේශ කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අස්ගිරි මහනාහිමි අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී  ඥානරතන හිමි බැහැදැක තිබේ.

අද (13) පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේදී රවී කරුණානායක මන්ත්‍රීවරයා අස්ගිරි මහ නාහිමියන් බැහැදුටු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.