Back to Top

රට පුරා විරෝධතා ක්‍රියාත්මක කළ යුතුයි

AdaDerana Ad

රට පුරා විරෝධතා ක්‍රියාත්මක කළ යුතුයි

August 13, 2017  11:21 am

Bookmark and Share



වත්මන් ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිවලට එරෙහිව රට පුරා විරෝධතා ක්‍රියාත්මක කළ යුතු බව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවකින් අනතුරුව අදහස් දැක්වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හමුවේ රටත් ජනතාවත් පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආදර්ශවත් නායකයෙකු බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් සංවිධාන රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විවිධ අභියෝග හමුවේ වුවද ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවයි.