Back to Top

 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බන්ධනාගාරයට රැගෙන එයි

AdaDerana Ad

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බන්ධනාගාරයට රැගෙන එයි

July 17, 2017  07:55 am

Bookmark and Share



යාපනය ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අනුරාධපුර බන්ධානාගාරය වෙත රැගෙනවිත් තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා සඳහන් කළේ ඊයේ (16) පස්වරුව වන විට ඔහු අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබූ බවය.

විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුට පළායාමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා මෙම මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර ඊයේ(16) අළුයම ලලිත් ජයසිංහ මහතා කයිට්ස් වැඩබලන  මහේස්ත්‍රාත්වරයා වෙත රැගෙන යමින් තිබූ වෑන් රථය අනතුරකට ලක් වී ඇති බව ද වාර්තා විය.

අදාළ අනතුරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සුළු තුවාල ලබා ඇති බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගෙන් විමසා සිටි අතර ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.