Back to Top

Ad

ජනපති යළි දිවයිනට එයි

ජනපති යළි දිවයිනට එයි

July 15, 2017  08:12 pm

Bookmark and Share


බංග්ලාදේශ රාජ්‍ය සංචාරය නිමවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

අද (1) පස්වරු 03.40ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 190 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන් තොටුපළ වාර්තකාරු පැවසුවේය.

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව  රාජ්‍ය සංචාරයක්  සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස පසුගිය බ්‍රහස්පතින්දා බංග්ලාදේශය බලා පිටත්ව ගියේය.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා බංග්ලාදේශ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම කථානායකවරයාද මුණගැසී සාකච්ඡා ක‍ළේය.

මීට අතර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබනු ලැබීය.

මෙම සංචාරය තුළදී මෙරටට වඩාත් ඵලදායි අයෝජන අවස්ථා රැසක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.