Back to Top

 කෘත්‍රීම මත් පෙති සමඟ 2ක් අල්ලයි

කෘත්‍රීම මත් පෙති සමඟ 2ක් අල්ලයි

May 20, 2017  08:54 am

Bookmark and Share

කෘත්‍රීම මත් පෙති ළඟ තබාගත් තරුණයෙකු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ට්‍රැමඩෝල් - X නැමැති අදාළ මත් පෙති 35ක් සැකකරු සතිව තිබී සොයාගත් බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.

මේ අතර රූට් 66 හෙවත් ඩාන්සින් ලෙස හඳුන්වන මත් පෙති 05ක් ළඟ තබාගත් තරුණයෙකු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.