Back to Top

  බස් දෙකක් ගැටෙයි-52ට තුවාලයි

බස් දෙකක් ගැටෙයි-52ට තුවාලයි

May 19, 2017  10:25 am

Bookmark and Share
Ad

ගාල්ල - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ කියාඞුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 52 දෙනෙකු තුවාල ලබා තිබේ.

අකුරැස්ස සිට කොළඹ බලා ධාවනය වු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුරෙන් බස් රථ දෙකෙහි ගමන්ගත් කාන්තාවන් 31 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 52 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා අකුරැස්ස රෝහලට ඇතුළත් කර තිබේ.

 තුවාල ලැබූවන් අතර බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා ද වන බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූවන් අතරින් බරපතළ තත්ත්වයේ පසු වු හය දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යවා තිබේ.
 
අනතුර සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසිය විමර්ශන සිදුකරයි.