බස්නාහිර පළාතට අද (19) දිනයේ ද මිලිමීටර් සියය ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පැයට කිලෝමීටර් 50ක් පමණ වු තරමක තද සුළං සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වු තද සුළං ඇති විය හැකි බවයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
නැගෙනහිර සහ ඌව පළාත්වල ද සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.